27 C
Colombo
24/09/2024

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ගිනිඅවි බලපත්‍ර දුන්නලු

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය මන්ත්‍රීවරුට ඕනෑම ගිනිඅවියක් ගතහැකි ආකාරයට ගිනිඅවි බලපත්‍ර ද දී ඇති බවත් බාර් පර්මිට් 1200 කට වැඩි සංඛ්‍යාවක් දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (1) පැවසීය.

කොළඹදී අද (1) පැවැති මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මහතා එසේ පැවසීය.

රුපියල් ලක්‍ෂ තුනේ සිට ඉහළ ගිනිඅවි මිලදීගැනීමට එම ගිනිඅවි බලපත්‍ර නිකුත් කර ඇති බව කී දයාසිරි ජයසේකර මහතා අරගලය සමයේ නිවෙස්වලට හානිවූ අයට කෝටි තුන හතර දී ඇති බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා සමඟ අද සිටින බහුතරයක් මීට පෙර පොහොට්ටුවේ සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා පට්ට ගැසූ අය බවත් ඒ මහතා මහ බැංකුව කැඩූවේ යැයි චෝදනා කළේ ද ඔවුන් බවත් ජයසේකර මහතා වැඩි දුරටත් පැවසීය.

Share with your friends :