27 C
Colombo
24/09/2024

හමාස් දේශපාලන අංශයේ ප්‍රධානි ඉස්මයිල් හනියේ ඝාතනය කෙරේ

Share with your friends :

පලස්තීන හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ව ඉරානයේ දී ඝාතනය කර ඇති බව එම සංවිධානය පවසයි.

ඉරාන අගනුවර, ටෙහෙරාන් හි හමාස් නායකයා නැවතී සිටි නිවසට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වී තිබේ.

හමාස් සංවිධානය චෝදනා කරන්නේ ඊශ්‍රායලය විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

නමුත් ඊශ්‍රායලය එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

ඉරාන නව ජනාධිපති මසූඩ් පෙසේෂ්කියන් ගේ පදවි ප්‍රාප්තියට ඊයේ (30) හනියේ එක්වී සිටි අතර අනතුරුව ඔහු ඉරාන ජනපතිවරයාව සහ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙනි ව හමුවී තිබුණි.

හමාස් සංවිධානය පවසන්නේ ප්‍රහාරය හේතුවෙන් හමාස් නායකයාගේ ආරක්ෂකයෙක් ද මියගොස් ඇති බවයි.

Share with your friends :