27 C
Colombo
24/09/2024

කේරලයේ නායයාමෙන් 123 ක් මරුට -100ක් අතුරුදහන්

Share with your friends :

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 123 දෙනෙකු පමණ මියගොස් ඇත.

තවත් 100 කට අධික පිරිසක් නායයෑමට හසුවී අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් අනතුරට පත් පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම්වලට පවා දැඩි බාධා එල්ල වී ඇත.

මියගිය ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීන් අනතුරු අඟවයි.

සෝදිසි මෙහෙයුම් සඳහා හමුදා නිලධාරීන් 200කට වැඩි පිරිසක් මේ වනවිට යොදවා ඇත.

Share with your friends :