27 C
Colombo
24/09/2024

බිත්තර යලිත් ආනයනයට කැබිනට් අනුමැතිය

Share with your friends :

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වනු පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලීන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2024-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මේ වනවිට බිත්තර මිලියන 224ක් ආනයනය කර ඇත.

Share with your friends :