27 C
Colombo
24/09/2024

මැතිවරණ කොමිසම-පොලිස්පතිවයෙකු පත් කරන්නැයි ජනාධිපති ලේකම්ට කියයි

Share with your friends :

පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට දැනුම්දීමට මැතිවරණ කොමිසමක් තීරණය කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගත් බවයි.

පොලිස්පති ධුරයේ ගැටළුව කඩිනමින් විසඳන ලෙසටද එමගින් වැඩිදුරටත් ඉල්ලා සිටින බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාව රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඊයේ(29) පෙරවරුවේ රැස්විය. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

පොලිස්පතිවරයාගේ ගැටලුව සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව තවත් කරුණු ගණනාවක්ම එහිදී සාකච්ඡා කළ බව කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ එල් රත්නායක මහතා පැවසීය

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වූ පළමු අවස්ථාව මෙයයි.

Share with your friends :