27 C
Colombo
24/09/2024

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Share with your friends :

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (29) තීරණය කළේය.

මේ තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදීය.

එම රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනම ස්වාධීන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට ඉදිරිපත්වූ යෝජනාව වැඩි ඡන්ද 68කින් සම්මත විය.

පොහොට්ටුවෙන් වෙනම ස්වාධීන අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 11 ක් පමණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි එහිදී තීරණය නොකෙරිණ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයට සාමාජිකයෝ 82ක් ඇතුළත්වෙති.

එහෙත් මෙම රැස්වීමට සහභාගි වූයේ නියෝජිතයන් 79 දෙනෙකු පමණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී රැස්විය.

තවද පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සදහා සහය දෙන අයට විරුද්ධව විනය පියවර ගැනීම සදහා වූ යෝජනාවට විරුද්ධ වූයේ 06 දෙනෙකු පමණි.

ඒ අනුව පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම ඡන්ද විමසීමෙන් අනතුරුව විවිධ කතාබස් ඇතිවීමෙන් එම සභාවේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවිය.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ ජයග්‍රහණය කළ හැකි සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද වනතුරු සහාය ලබාදුන් බවයි.

පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට දේශපාලන මණ්ඩලයේදී අද තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගියදා ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරණයේදී තමාට සහය දෙන ලෙස ඉල්ලීමක් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා පොදුජන පෙර⁣මුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වූ එම පක්ෂයේ ⁣පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් එකොළොස් දෙනකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විය යුතු බවට ප්‍රකාශ කිරීම විශේෂ සිද්ධියක් විය.

මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බවට වන යෝජනාව දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා හැරැණු විට දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වූ ⁣බොහෝදෙනා විවිධ සංවිධාන මට්ටමින් ගෙන්වූ අය බවයි.

කෙසේවෙතත් දේශපාලන මණ්ඩල රැස්වීමේදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකධූරය බලාපොරොත්තුවෙන් සිටි ධම්මික පෙරේරා මහතාගේ නමක් ගැන සඳහන් නොවීමද විශේෂත්වයකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පවසා ඇත්තේ මෙය පක්ෂයේ තීරණය හෙයින් එයට සියලුම දෙනා එකග විය යුතු බවයි.

මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රදීප් උදුගොඩ, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සහන් ප්‍රදීප්, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග කනක හේරත්, මොහාන් ප්‍රිදර්ශන, ජනක වක්කුඹුර පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

Share with your friends :

Related posts

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා – මහින්ද රාජපක්ෂ හමුවෙලා

Channel News Lanka

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Channel News Lanka

ෆොන්සේකාත් ඇප තියයි

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

ජනපති කතානායක – අගවිනිසුරු අමතයි

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයි

Channel News Lanka

ජනාධිපතිවරණයට DIG ලා පත් කරලා