27 C
Colombo
24/09/2024

ජනපති කතානායක – අගවිනිසුරු අමතයි

Share with your friends :

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කථානායකවරයාත්, අග්‍රවිනිශ්චයකාර වරයාත් සාකච්ඡා කර විසදාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දැනුම් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම දැනුම් දීම කරන ලද්දේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටත් සහ අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතාටත් ඊයේ පෙරවරුවේ වෙන වෙනම දුරකතයෙන් අමතමිනි.

පොලිස්පතිවරයා ගේ ගැටලුව කෙබඳු ආකාරයට පැවතුනත්, ලබන 21 දා පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සිය සහාය මැතිවරණ කොමිසමට ලබා දෙන බවද ජනාධිපතිවරයා කතානායකවරයාට සහ අගවිනිසුරුවරයාට තවදුරටත් දැනුම් දී තිබේ.

සැප්තැම්බර් 21 දිනට නියම කර ඇති ජනාධිපතිවරණයට කිසිදු බාධාවක් ඇති නොවීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය සෑම සහායක්ම ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් දැනුම් දී ඇත.

Share with your friends :

Related posts

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Channel News Lanka

ෆොන්සේකාත් ඇප තියයි

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka

ජනාධිපතිවරණයට DIG ලා පත් කරලා

ජනපතිවරණයට ඉල්ලන බව රනිල් පළමු වරට කියයි

Channel News Lanka

බැසිල්ගෙන් රනිල්ට කොන්දේසි මාලාවක්