27 C
Colombo
24/09/2024

ජනාධිපති අපේක්ෂකයා ? – පොහොට්ටුවෙ තීරණාත්මක සාකච්ඡාවක් හෙට

Share with your friends :

ඉදිරි ජනාධිපතිරණයේදී අපේක්ෂකයකු තෝරාපත්කර ගැනීම සඳහා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සබාවේ විශේෂ සාකච්ඡාවක් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (29) පස්වරු 4.00 ට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තම සහය ‍ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට තවත් පිරිසකගේ මතය වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වනවාද නෙඑසේනම් එක්ව ඉදිරියට ගමන් කරනවාද නැද්ද යන්න මෙම සාකච්ඡාවේදී තීරණය වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් සතියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් 12 දෙනෙකු සහ අමාත්‍යවරුන් 18 දෙනෙකු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු ස්ථාන කීපයකදී සාකච්ඡා පවත්වා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට සහාය දැක්වීමට තීරණය බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිහකට අධික පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී මේ මොහොතේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට සහාය දැක්විය යුතු බවද ප්‍රකාශ කර තිබේ.
එබැවින් මේ මොහොතේ පක්ෂයෙන් වෙනත් අපේක්ෂක ඉදිරිපත් කළහොත් පක්ෂය දෙකඩ වනු ඇතැයිද ඔව්හු හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

එහිදී හිටපු ජනාධිපති රාජ පවසා ඇත්තේ මේ මොහොතේ දී පක්ෂයෙන් අපේක්ෂක වූ ඉදිරිපත් නොකර සිටීමට තමන් වැඩි කැමැත්තක් දක්වන බවයි.

අතර සිකුරාදා නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගේ සමුළුවද ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බවද වාර්තාවේ.

එමෙන්ම ඉකුත් සෙනසුරාදා ජනාධිපති උපදේශක සාගල රත්නායක, අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහත්වරුන් හිටපු ජනාධිපතිවරයා මුණ ගැසී ඉල්ලීමක් කර ඇත්තේ ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන ලෙසයි.

Share with your friends :