27 C
Colombo
24/09/2024

පාරිභෝගික අධිකාරිය මිල පාලනයක් නැතුව පාන් මිල ප්‍රදර්ශනය කරන්න කියලා

Share with your friends :

පාන් සඳහා පාලන මිලක් හඳුන්වාදීමකින් තොරව පාරිභෝගික අධිකාරිය විසින් පාන් මිල ප්‍රදර්ශනය කර පාන් විකුණන ලෙස වෙළඳුන්ට දන්වා තිබේ.
ඒ අනුව පාන් ගෙඩියේ මිල ප්‍රදර්ශනය කර තමන් කැමති මිලකට පාන් විකුණන්නට වෙළඳුන්ට හැකියාව ලැබේ. එයින් පාරිභෝගිකයන්ට කිසිදු වාසියක් නොලැබේ.
පාන් මිල රුපියල් 10 කින් බේකරි හිමියන් අඩු කර ඇතත් පාන් වල පාලන මිලක් නොමැති නිසා කැමති මිලකට පාන් විකුණන්නට බේකරි හිමියන්ට බාධාවක් නොමැත.
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කරන්නට නම් ලෝක වෙළඳ පොලේ මිලට වඩා ඉතාම වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරන ප්‍රීමා හා සෙරෙන්ඩිබ් තිරිඟු පිටි සමාගම් වලට පිටි මිල අඩු කරන්නට බලපෑම් කරන ලෙස බේකරි හිමියන් වෙළඳ ඇමති නලීන් ප්‍රනාන්දු වෙත පසුගියදා දැනුම්දී තිබිණි.
එහෙත් අදාළ සමාගම් සම්බන්ධයෙන් තමන්ට පාලනයක් නැතැයි එහිදී වෙළඳ ඇමතිවරයා බේකරි හිමියන්ට දැනුම්දී තිබේ.
ග්‍රෑම් 450 කින් යුත් පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමත් සමඟ පාන් මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳසැල් හිමියන්ටඑරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර පවසා තිබේ.
පාන් මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය බව සඳහන් කරන සභාපති උඩුවර, පාන් මිල සම්බන්ධයෙන් දැනගැනීමට පාරිභෝගිකයින්ට අයිතියක් තිබෙන බවත් ඒ අනුව අඩු කළ මිල අනිවාර්යෙන්ම වෙළඳසැලේ ප්‍රදර්ශනය කළ යුතු බව ද පැවසීය.
අඩු කළ පාන් මිල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් දීප ව්‍යාප්තව වැටලීම් ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු වැඩි දුරටත් පවසා ඇත.
මේ දක්වා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරුන් ලෙස කටයුතු කලේ කීර්තිමත් නීතීඥවරුන්ය. එහෙත් තුසිත
උඩුවර විශ්‍රාමලත් බන්ධනාගාර නිලධාරියෙකි. බන්ධනාගාර සම්බන්ධයෙන් හැර වෙළඳපොල හෝ නීතිය සම්බන්ධයෙන් දැනුමක් ඔහුට දැනුමක් තිබේද යන්න ගැටළුවක් වන්නේ මෙවැනි මිල පාලනයක් නැති මිල ප්‍රදර්ශනය කිරීම් සම්බන්ධ තීරණ විහිළුවක් නිසාය.

Share with your friends :

Related posts

ෆොන්සේකාත් ඇප තියයි

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයි

Channel News Lanka

ජනපතිවරණයට ඉල්ලන බව රනිල් පළමු වරට කියයි

Channel News Lanka

අගමැති දිනේෂ්ගෙන් පොලිස්පතිට දුන් අධිකරණ තීන්දුව ගැන බරපතල ප්‍රකාශයක්

Channel News Lanka

පොලිස්පති පුටුවේ අවුල ලිහන්න ව්‍යවස්ථා සභාව රැස්වේ