27 C
Colombo
24/09/2024

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම හෙට ?

Share with your friends :

ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්‍රියේදී බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානමින් සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට ඊයේ දැනුම් දුන්නේය.

මේ අනුව ගැසට් නිවේදනය නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම නිවේදනය දැනටමත් සකස් කර අවසන් බවයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව අද (25) පෙරවරුවේ රැස්වීමට නියමිතය.

ජනාධිපතිවරණයට අදාළ කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කරන බව කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය වන ඇඟිලි සලකුණු කිරීමේ තීන්ත, ලිපි ද්‍රව්‍ය ඇතුළු අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු අරඹා ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

Share with your friends :

Related posts

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා – මහින්ද රාජපක්ෂ හමුවෙලා

Channel News Lanka

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Channel News Lanka

ෆොන්සේකාත් ඇප තියයි

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka

ජනපති කතානායක – අගවිනිසුරු අමතයි