27 C
Colombo
24/09/2024

බයිඩන් 2024 ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් වෙයි

Share with your friends :

එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය.

තම ඩිමොක්‍රටික් පක්ෂයේ සහ රටේ.යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බව බයිඩන් පැවසීය.
ප්‍රතිවාදී අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති විවාදයේදී අසාර්ථක වීම නිසා සෞඛ්‍ය හේතුමත යලි තරග නොකරන ලෙස ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් ඔහුට බලපෑම් එල්ල විය. එහෙත් පක්ෂය නිල වශයෙන් එවැනි ඉල්ලීමක් ඔහුගෙන් සිදු නොකළේය. එහෙත් අවසානයේ පාක්ෂිකයන්ගේ ඉල්ලීමට කන් දෙමින් ගෞරවනීය ලෙස ඔහු අපේක්ෂකත්වයෙන් ඉවත් විය.

අමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වෙයි. ලබන ජනවාරි මාසය වන තුරු බයිඩන් ඇමරිකානු ජනාධිපති ධුරය දරනු ඇත.
ඩිමොක්‍රටික් පක්ෂයේ නව අපේක්ෂකයා ලබන මාසයේදී තෝරා ගැනෙනු ඇත.

Share with your friends :