27 C
Colombo
24/09/2024

පලස්තීනය තුළ ඊශ්‍රායලය රැඳීසිටීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්- ICJ

Share with your friends :

පලස්තීන භූමිය තුළ ඊශ්‍රායලය අඛණ්ඩව රැඳී සිටීම නීති විරෝධී බවත් එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වන අතර “හැකි ඉක්මනින්” ඉවත්වීම කළ යුතු බවත් ජාත්‍යන්තර අධිකරණය (ICJ) තීන්දු කර ඇත.

හේග් හි ICJ හි සභාපති නවාෆ් සලාම් පලස්තීන භූමිය ඊශ්‍රායලය විසින් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් 15 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ල විසින් නිකුත් කරන ලද තීරණය ප්‍රකාශයට පත්කරන ලදී.

බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ ඊශ්‍රායල ජනාවාස ගොඩනැගීම සහ ව්‍යාප්ත කිරීම, ප්‍රදේශයේ ස්වභාවික සම්පත් භාවිතය, ඉඩම්වල ස්ථිර පාලනය ඈඳා ගැනීම සහ පැනවීම සහ පලස්තීනුවන්ට වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්ති ඇතුළු පුළුල් ප්‍රතිපත්ති ලැයිස්තුවක් විනිසුරුවරු පෙන්වා දුන්හ. එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කළ බව ද ප්‍රකාශවී තිබේ.

ඊශ්‍රායලයට එම පලස්තීන ප්‍රදේශයේ ස්වෛරීභාවය සඳහා අයිතියක් නොමැති බවත්, බලහත්කාරයෙන් භූමිය අත්පත් කර ගැනීමට එරෙහිව ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බවත්, පලස්තීනුවන්ගේ ස්වයං නිර්ණ අයිතියට බාධා කරන බවත් ජාත්‍යන්තර අධිකරණය ප්‍රකාශ කළේය.

Share with your friends :