27 C
Colombo
24/09/2024

ජනාධිපතිවරණය පවත්වන බවට රනිල්ගෙන් පොරොන්දුවක්

Share with your friends :

ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය.

සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැක ගැනීමට තමන් කැප වන බැවින් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කීය.

ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමේදී තමන් එහි වගකීම බාර දුන්නේ විෂය සම්බන්ධ පළපුරුදු අයකුට බව කී ජනාධිපතිවරයා එවැනි කටයුතු පෙරදී සිදු කළේ කේ. එන් චොක්සි වැනි නීතිඥවරුන් සමඟ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

කෙසේ වුවත් 2015 වසරේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී චොක්සි මහතා ජීවතුන් අතර නොසිටි බැවින් එම කටයුත්ත ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාට බාර දීමට සිදු වූ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේය.

එම අවස්ථාවේ ඔහුගෙන් සිදු වූ අතපසුවීමක් නිසා වත්මන් ගැටළු සහගත තත්ත්වය ඇති ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද පැවසීය.

මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ හමුවට අමතරව ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ද ජනාධිපතිවරයා අද සහභාගී වූ අතර එහිදී ද අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Share with your friends :

Related posts

ෆොන්සේකාත් ඇප තියයි

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයි

Channel News Lanka

පාරිභෝගික අධිකාරිය මිල පාලනයක් නැතුව පාන් මිල ප්‍රදර්ශනය කරන්න කියලා

Channel News Lanka

ජනපතිවරණයට ඉල්ලන බව රනිල් පළමු වරට කියයි

Channel News Lanka