27 C
Colombo
24/09/2024

පාස්පෝට් කාර්යාලයේ උණුසුම් තත්වයක්

Share with your friends :

විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමේ ක්‍රමවේදය අද (19) සිට නැවත ආරම්භ කිරීමත් සමඟ බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට නොසන්සුන්කාරී තත්වයක් අද පෙරවරුවේ ඇතිවිය.

මෙම නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ පොලිස් කැරළි මර්දන ඒකකය කැඳවීමට පියවර ගත් අතර ජනතාව දෙපාර්තමේන්තුව තුළට යොමු කිරීමට පොලිසියට මැදිහත්වීමට සිදුවිය.

සේවා ගැනීමට පැමිණි ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාර්ගයේ දිගු පොලිම්වල රැදී සිටීමට සිදුවිය.

එහි රැදී සිටින ජනතාව පැවසුවේ දිනයක් සහ වේලාවක් වෙන්කිරීම අනිවාර්ය යැයි ජනතාව නිසිපරිදි දැනුවත් නොමැති බවත් යාපනය, මඩකළපුව, පොළොන්නරුව ආදි රට පුරා දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි ජනතාව මෙම තත්වයෙන් අපහසුතාවට පත්ව සිටින බවයි.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගෙන් මෙම තත්වය පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එක්දින සහ සාමාන්‍ය සේවා සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය බවත් දිනයක් සහ වේලාවක් වෙන්නොකර එන පුද්ගලයන්ට සේවා සපයන්නේ නැති බවයි.

දිනයක් සහ වේලාවක් වෙන්නොකර කාර්යාලයට පැමිණ විවිධ ආකාරය බලපෑම් කළ හොත් සේවා සැපයීම කළ නොහැකි තත්වයකට පත්වන බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Share with your friends :