27 C
Colombo
24/09/2024

ආණ්ඩුවේ චන්ඩි ගැන තිලංග කතා කරයි

Share with your friends :

අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට නීතිමය අයිතියක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමකරුවන් වන්නේ ගම්බිම්වල සිටින ජනතාවයයි පැවසූ ඒ මහතා ආණ්ඩුවේ ඉඳගෙන පක්ෂ කාර්යාලට ඉබි යතුරු දමා චණ්ඩීන් මෙන් ම කටයුතු කිරීම ගැන අතිශය කණගාටු වන බවද ඒ මහතා කීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ පුංචි බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

Share with your friends :