27 C
Colombo
25/09/2024

ඇමරිකානුවන් ඇතුළු 6ක් තායිලන්ත හෝටලයක අභිරහස් ලෙස ඝාතනය වෙලා

Share with your friends :

තායිලන්තයේ බැංකොක් අගනුවර සුපිරි Grand Hyatt Erawan Bangkok හි හෝටලයේ කාමරයක පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
මෙම මරණ වස පෙවීම නිසා සිදුවූයේද යන්න තායිලන්ත බලධාරීන් විමර්ශනය කරති.
මියගිය අය පිරිමි තිදෙනෙක් සහ කාන්තාවන් තිදෙනෙක් වන තර සියල්ලෝම වියට්නාම ජාතිකයන් වන අතර සමහරුන්ට ද්විත්ව ඇමරිකානු පුරවැසිභාවය ඇති බව තායිලන්ත රජය පවසයි.
තායි බලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ ඝාතනයට ලක්වූවන් සොයා ගන්නා විට ඔවුන් මියගොස් පැය 24ක් ගතවී ඇති බවට විමර්ශන නිලධාරීන් සැක කරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවත්ය.
එම මරණ සියදිවි නසා ගැනීමක් නොව “ඝාතනයක” ප්‍රතිඵලයක් බවත් තායි පොලීසිය පවසයි.
පුද්ගලයින් හත් දෙනෙකුට හෝටලයේ නවාතැන් ගැනීමට වෙන් කර ඇතත්, ඇතුළු වී ඇත්තේ පස් දෙනෙකු පමණක් වන අතර .
කාමරයෙන් සොයාගත් එක් මියගිය අයෙකු හෝටලයේ වාර්තා සමඟ නොගැලපේ.
ඔවුන් ඇණවුම් කළ ආහාර අනුභව කර නොමැත.

Share with your friends :