27 C
Colombo
06/11/2024

16 දා LPL අවසන් තරගයට ගාල්ල ග්ලැඩියේටර්ස් සහ යාපනය ස්ටැලියන්ස්

Share with your friends :

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය ස්ටැලියන් කණ්ඩායම ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (14) රාත්‍රී සමත් විය. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී යාපනය ක්‍රීඩකයෝ ලකුණු 37 කින් දඹුල්ල වයිකිංස් පිල පරාජය කිරීමට සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කළහ.
තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 166ක් හඹා ගිය දඹුල්ල වයිකිං කණ්ඩායම ඕවර 19.1කදී ලබා ගත්තේ ලකුණු 128ක් පමණි.ගාල්ල ග්ලැඩියේටර්ස් සහ යාපනය ස්ටැලියන්ස් අතර අවසන් මහ තරගය සූරියවැවදී බදාදා (16) රාත්‍රී පැවැත්වේ.

Share with your friends :