27 C
Colombo
27/09/2024

ජනාධිපතිවරණය-මහා මැතිවරණය එක දිනයක?අලි-පොහොට්ටු සන්ධානයකින් තරගයට

Share with your friends :

ජනාධිපතිවරණය හා මහා මැතිවරණය එකම දිනයක පැවැත්වීමටත් එම මැතිවරණ දෙකම සඳහා ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව තරග කිරීමටත් එම පක්ෂ දෙකේම නායකයන් එකඟතාවයකට පැමිණ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මේ අනුව ජනාධිපතිවරණය කැඳවීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඒ ඒ අංශ වලින් ඉදිරි දිනවලදී සිදුකරනු ඇත.
පොහොට්ටුව හෙවත් ශ්‍රීලංකාපොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව ගොඩනගන නව සන්ධානයක් හරහා මීළඟ මහා මැතිවරණයට ඉදිරිපත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදී එම සන්ධානයට තවත් පක්ෂ හා සංවිධාන එක්වීමට නියමිත අතර අපේක්ෂකත්වයන් මෙම පාර්ශව අතර බෙදී යාමට නියමිතය.
මෙහිදී ජාතික ලැයිස්තු අපේක්ෂකත්වයන්ද ප්‍රධාන පාර්ශව දෙක අතර සමානව බෙදී යනු ඇත.
මෙහිදී ඒ ඒ දිස්ත්‍රික්කවල ආසන බෙදා ගන්නා ආකාරයන් මේ වන විටත් පාර්ශව දෙකේ ප්‍රබලයන් අතර මුලික එකඟතා පවා ඇති කර ගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා සාගල රත්නායක පසුගියදා කොළඹ පැජට් පාරේ ජනාධිපති නිල නිවසේ දී තීරණාත්මක සාකච්ඡාවක් පවත්වන ලද අතර ඉදිරි දේශපාලන තීරණ ගණනාවක් මෙහිදී ගත් බව සඳහන්ය.
කෙසේ වෙතත් ඒ සඳහා ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න තවමත් ප්‍රකාශවී නැති අතර සාකච්ඡා වූ කරුණු ගණනාවක් ප්‍රසිද්ධියට පත් නොකරන්නට පාර්ශව දෙකම එකඟවී ඇති බව පැවසේ.

Share with your friends :