27 C
Colombo
29/09/2024

සුරාබදු ලොක්කන් තෝරන විභාගයේදී අක්‍රමිකතා

Share with your friends :

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවලට නිලධාරින් තෝරා ගැනීම සඳහා පවත්වා තිබෙන විභාගයක් නීතියට පටහැනි යැයිද එය අක්‍රමිකතා රැසකින් සමන්විත යැයිද රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සිදුකළ විමර්ශනයකදී තහවුරු වී තිබේ.

එම නිසා විභාගය සමතුන්ට ලබාදී ඇති පත්වීම් අනීතික යැයිද රාජ්‍ය සේවා කොමිෂන් සභාව සදහන් කර තිබේ.

එම විභාගයෙන් තෝරා ගන්නා ලද නිලධාරීන් මේ වන විට සුරාබදු අධිකාරීන් සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් වශයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරන බවද සුරා බදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙර සේවය කරන ලද සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයකු යටතේ එම විභාගය පවත්වා ඇතැයිද එම විභාගය අක්‍රමිකතා රැසකින් සමන්විත වූ ඇති බවද රාජ්‍ය සේවා කොමිෂන් සභාව සිදුකළ එම විමර්ශනයේදී හෙළි වී ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුවට මත්පැන් ආයතන වලින් අයවිය යුතු බදු මුදල රුපියල් කෝටි 700 ක් පමණ වන බවද පැවසේ.

Share with your friends :