27 C
Colombo
29/09/2024

වියදම ඉන්දීය රුපියල් කෝටි 5,000 – ලොකුම විවාහයට මුම්බායි පාරවල් වහලා

Share with your friends :

යුගයේ වැඩිම පිරිවැයක් දැරූ විවාහ මංගල උත්සවය වනු ඇතැයි පැවසෙන ඉන්දීය ප්‍රකට ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුතු වන ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ දින 03ක විවාහ මංගල්‍ය ආරම්භ වී තිබේ.

ඒ, මුම්බායි හි ජියෝ ජාත්‍යාන්තර සම්මේලන මධ්‍යස්ථානයේදීය.

හින්දු නක්ෂත්‍ර ක්‍රමවේදය අනුව දින යොදාගත් මෙම විවාහ මංගල උත්සවයේ පළමු දිනයේදී ශුබ් විවාහ එනම් විවාහ චාරිත්‍ර ඉටු කෙරෙයි.

ඒ සඳහා බොලිවුඩ්, හොලිවුඩ් තරු මෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ දේශාපලනඥයින්ද ඇරියුම් ලබා තිබේ.


විවාහ මංගල්‍යයට එක්වීම සඳහා අමෙරිකානු රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් මෙන්ම නිළියක්ද වන කිම් කාර්ඩෂියන් ද මුම්බායි නගරයට ළඟා වුණි.

බ්‍රිතාන්‍ය හිටපු අගමැතිවරුන් වන බොරිස් ජොන්සන් සහ ටොන් බ්ලෙයාර්ද මුම්බායි වෙත පැමිණ ඇත්තේ අම්බානි පවුලේ ආරාධනයට අනුවය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අම්බානි පවුලට විවාහය සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,000කට ආසන්න පිරිවැයක් දැරීමට සිදුවනු ඇති අතර එය ඔවුන්ගේ මුළු ධනයෙන් සියයට 0.05ක් පමණක් වන බවය.

අම්බානිගේ මඟුල් ගෙදරට ප්‍රයිවට් ජෙට් 100ක් හයර් කරලා

මේ අතර ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එලෙස පැමිණෙන අමුත්තන්ගේ ගමන් පහසුව පිණිස අතිසුඛෝපභෝගී Falcon 2000 Jet යානා 3 ක්ද ඇතුළුව පුද්ගලික ජෙට් යානා 100 ක ඇණියක් මේ සඳහා සූදානම් කර ඇති බවයි.

මේ බව තහවුරු කරමින්, Falcon 2000 ජෙට් යානා 3ක් කුළියට ගැනීමට අම්බානි කටයුතු කර ඇති බව Air Charter company Club One Air හි ප්‍රධාන විධායක නිලධාරී Rajan Mehra, රොයිටර්ස් පුවත් සේවය වෙත පවසා ඇත. පුද්ගලික ගුවන් යානා 100කට වැඩි ප්‍රමාණයක් මෙම උත්සව සමය වෙනුවෙන් යොදා ගෙන ඇති බව එහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

දින තුනක් පුරාවට පැවැත්වෙන ඉන්දියාවේ ධනවත් පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ට් අම්බානිගේ විවාහ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධනද ඊයේ (12) සහභාගී වූවේය.

මාස හතක් පුරා පැවැති අති උත්කර්ෂවත් පූර්ව විවාහ සැමරුමකින් පසුව ඉන්දියාවේ ධනවත් පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් 29 හැවිරිදි ආනන්ට් අම්බානි සහ 29 හැවිරිදි රාධිකා මර්චන්ට් විවාහ දිවියට එළඹීම සඳහා ඊයේ (12) චාරිත්‍ර ආරම්භ කළේය. මුම්බායි නගරයේ ජියෝ වර්ල්ඩ් කන්වෙන්ෂන් සෙන්ටර්හි දින 3 ක කාලයක් විවාහ උත්සවය පැවැත්වෙන අතර හෙට(14) එය අවසන් වීමට නියමිතය.

විවාහ උත්සවය සඳහා සම්පූර්ණයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක මුදලක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 18149 ක් පමණ) මනාල ජෝඩුව වැය කර තිබිණි. එය ඔස්කාර් සම්මාන උළෙලවල් 10 පැවැත්වීමට ප්‍රමාණවත් බවද මත පළවිය.

විවාහ උත්සවය සඳහා සහභාගී වීමට ලෝකයේ සිටින ප්‍රසිද්ධම නළු නිළියන්, ක්‍රීඩකයන්, දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ පිරිසකට අම්බානි පවුල ආරාධනා කර තිබිණි.

ආනන්ට් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ විවාහය උත්සවය සඳහා පැමිණ සිටි ආරධිත අමුත්තන් අතර සුපිරි හොලිවුඩ් නළුවකු මෙන්ම රෙස්ලින් ක්‍රීඩකයකු වන ජෝන් සීනාට, ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ ඉවන්කා ට්‍රම්ප්ට , කිම් සහ ක්ලෝයි කාර්ඩෑෂියන්ට සහ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට පැමිණ සිටි අයගේ විශේෂ අවධානයක් යොමුවී තිබිණි.

තෙදින විවාහ උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබ සිටින දැවැන්තයන් අතර හිලරි ක්ලින්ටන්, ඩේවිඩ් සහ වික්ටෝරියා බෙකම්, බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ද සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Share with your friends :