27 C
Colombo
27/09/2024

නීතිපති පත්වීම ගැන ජනපති ලේකම්ගෙන් නීති සංගමයට ලිපියක්

Share with your friends :

නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධූරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම දැනුම් දී තිබේ.

ජ්‍යෙෂ්ඨත්වය මත නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දී තිබෙන්නේ මින් පෙර එවැන්නක් සිදුවී නොමැති බවයි.

නීතිපති ධූරය සඳහා වෙනත් සුදුසුකම් ලාභීන් සිටියදී එක් පුද්ගලයකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙනී නොසිටිය යුතු බව ද ජනාධිපති ලේකම්වරයා මෙම ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share with your friends :