27 C
Colombo
28/09/2024

ඔරුවල වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළු දෙකක් මරුට

Share with your friends :

අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මියගොස් ගායිකාවක ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ව්‍යාපාරිකයකු වූ ක්ලබ් වසන්ත නමැත්තා මියගොස් ඇති බව සඳහන් කරයි. ක්ලබ් වසන්තගේ බිරියද මේ වෙන විට හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.

ගායිකා කේ.සූජීවාගේ සැලුනයක් (ටැටු) විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි ද පොලිසිය කියයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධියට යොදාගත් මෝටර් රථය කඩුවෙල කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබේ.
අතුරුගිරිය ඔරුවල හන්දියේදී සිදු වූ වෙඩි තැබීමෙන් 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් ගායන ශිල්පී කේ.සුජීවා ක්ලබ් වසන්තගේ බිරිය ඇතුළු සිව් දෙනකු රෝහල් ගත කර තිබේ.

ගායන ශිල්පී කේ සුජීවාද හිතවත් ඩිලාන් සන්ජුල නමැත්තෙකුට අයත්ටැටූ සැලොනය මෙදින විවෘත කළ බවත් ඒ සඳහා ක්ලබ් වසන්තට ආරාධනය කර තිබූ බවත් වාර්තාවේ. ඇය සහ තවත් පිරිමි පුද්ගලයෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර තුවාල ලැබූ අනෙක් කාන්තාවන් දෙදෙනා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.වෙඩි තැබීමෙන් තුවාල ලද ක්ලබ් වසන්තගේ බිරිඳ මේ වෙන විට හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනා බවද වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, අද දවල් අතුරුගිරිය දෙමහල් ගොඩනැගිල්ලක දෙවන මහලේ පිහිටි ටැටූ ස්ටුඩීයෝවක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් සිටි පිරිසකට වෙඩි තැබීම සඳහා මෝටර් රථයකින් පැමිණි ටී 56 ගිනි අවි සහිත තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා ඇති බවයි.

විවෘත කිරීමේ උත්සවයේ ආරාධිතයන් අතර ක්ලබ් වසන්ත හා බිරිය සහ කේ.සුජීව ද සිටි බව අනාවරණය විය.

සැකකරුවන් වෙඩි තැබීම සඳහා යොදාගත් වාහනය සිද්ධිය වූ විගස කඩුවෙල ප්‍රදේශයේදී පොලිසිය සොයා ගත්තේය.
තුවක්කුකරුවන් මෝටර් රථය අතහැර එම ස්ථානයෙන් වෑන් රථයකින් පලාගොස් ඇති බවට සීසීටීවී දර්ශන ඔස්සේ තහවුරු කරගෙන තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.

Share with your friends :