27 C
Colombo
25/09/2024

රට ආරක්ෂා කරන තාක්කල් පොහොට්ටු සහාය රනිල්ට-බැසිල්

Share with your friends :

රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

පොදුජන පෙරමුණු පක්ෂයේ සභාපති අප අතහැර යද්දීත් අවස්ථාවේ හැටියට රට බේරාගත හැක්කේ රනිල්ට බව තීරණය කළ බව කී බැසිල් රාජපක්ෂ මහතා අද දක්වා ඒ සහයෝගය ඉදිරියටත් දක්වන බව කිව යුතුයැයි කීය.

එය කරන්නේ රට වෙනුවෙන් බවද බැසිල් රාජපක්ෂ මහතා කීය.

27ක දේශපාලන දෙවිය සමරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝජිත අබේගුණවර්ධන මහතාගේ ජාතික මෙහෙවරක රෝහිත සලකුණ සැමරුම් උළෙලට සහභාගී වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්විණි.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහත්වරු ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් මීට සහභාගී වූහ.

කළුතර දුම්රිය පොළ ක්‍රීඩාංගනයේදී මෙම සමරු රැළිය පැවැත්විණි.

මෙහිදී කතාකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

“මාව පන්නන්න කවුරුවත් නෑ.ඉතින් අපි දැන් මේ කාලෙ එකට වැඩකරමු.” ජනපති මෙහිදී කීය. මෙම රැස්වීම රෝහිත අබේ‍ගුණවර්ධනගේ 27 වසරක දේශපාලන ගමන සමරන අරමුණින් පැවැත්වූ අතර ඊට රනිල් සමග මහින්ද, ගෝඨාභය,බැසිල්, නාමල්, ඇතුළු පොදුජන පෙරමුණේ ප්‍රබලයන්ද සහභාගී විය.
ව්‍යාපාරික ධම්මික පෙරේරාද මෙහිදී කථාවක් පැවැත්වූයේය.
ඔවුහු සියල්ල ඉතා සතුටින් රනිල් පිලිගනිමින් ඔහුගේ කතාවට අනුකූලතාව පළ කළහ.
මෙහිදී ජනපතිවරයා පැවැත්වූ කතාවෙන් කොටස් කිහිපයක් මෙසේය.

“රත්තරන් මන්ත්‍රීතුමාගෙන් අවසරයි.. මේ අවුරුදු 27 මම රෝහිතට කිව්වෙ කටුක ජීවිතයක් ගත කළ බව.
ඉදිරියට යන්න හදන හැම එකක්ම සාර්ථකව මුහුණ දීලා තියෙනවා.
ඔබට කටුක තීරණ ගණනාවක් ගන්න තිබුණා. එයින් එකක් තමයි අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මට සහයෝගය දෙන්නවිම. ඒකට ස්තූති කරනවා. එතැනින් දන්දුන්නේ සහයෝගයටත් මං ස්තූති කළා.
අවුරුදු විසි දෙකකට පෙර දෙදාස් දෙකේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මං අගමැති මෙයා විපක්ෂය හරි හිසරදයක් වෙලා හිටියෙ. නැගිටලා කෑ ගහනවා.
ඒත් ඒක දැනගත්තට නැගී එන මන්ත්රීවරයෙක් කියල විපක්ෂයේත් අපි බලනවා කවුද ඉන්නේ විපක්ෂයේ කවුද? දක්ෂ අය කවුද හොඳ අය. කවුද දුර්වල අය කියල ..

මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ අලුත් පක්ෂයකට ගිහින් ඒක විශාල වැඩකොටසක් කරපු බව අපි ඔක්කොම දන්නවා. එහෙත් ඒ පුද්ගලයාගේ ඒ ශක්තිය පෙන්නුවා.
ඒ ශක්තිය ඉහළයි. එතුමා පක්ෂයකට වුවමනා පුද්ගලයෙක් වටිනා පුද්ගලයෙක්. පක්ෂය ගැන ඔබතුමා වැඩකටයුතු කරලා තියෙන නිසා පක්ෂයේ කැඳවුම්කාරය කරලා තියෙනවා.

අද උදේ මම හිටියේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල රැස්වීමේ.
ලෝකේ වෙනස් වෙනවා. අලුතෙන් හිතන්න පරණ දේශපාලනයෙ හිර වෙන්න එපා.
අපි එතෙන්ට ලංකාව ගෙනල්ල තියනව. අපිට ඉදිරියට යන්න ඒ ඇති.

මේ ටික කියල මේ කතාව අවසන් කරන්න ඕනෑ. ඒත් මාධ්යයෙන් ඇහුවාද උදේ යනවාද කියලා. රෝහිත මැතිතුමාගේ උත්සවයට මං කිව්වා මං ගොඩ වෙනවා කියලා.

හරි මොකක්ද කියන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන. මං ඒක එයාගේ විසිහත් වැනි අවුරුද්ද වෙනුවෙන් මේක රෝහිතගේ විසි හත්වැනි අවුරුද්ද එහා විසිහත් වැනි අවුරුදු දැන් පැනලා. ඒ කාලේ මට කිව්වෙ නෑ.
ඉතිං කියන්න දෙයක් නෑ කිව්වා.
කොහොමද මේකට යන්නෙ?
මොකක්ද මහින්ද රාජපක්ෂ වාඩි වෙලා කරන්නෙ.
මම ඕකට පිළිතුරු දෙන්නම් කෝ. අපි දෙන්නා දෙපැත්තේ හිටියේ.
එයා එකපැත්තක 70 කාලේ මං අනිත් පැත්ත. එකට එකතුවුනේ නෑ විරුද්ධව හිටියේ හැම තැනම.
ඕනෑ වෙලාවට කතා කර ගත්තා. අනෙක් වෙලාවට මේ අකටයුතු අපිත් එහේ තියෙන සටන මේ.
ඒ තියෙන සටන ඉතින් ආපහු අලුතෙන් කියන්න වැඩක් නෑ.
ඒත් දැන්නම් මට ඊට වඩා සටන චන්ද්රිකා එක්ක.

ඔය මැයි 9 ඉස්සෙල්ලා සතියේ පාර්ලිමේන්තුව තිබුණා. කොටසක් මේ ආණ්ඩුවෙන් අයින් වෙලා ගියා. විපක්ෂයට මොකක්ද ආණ්ඩුවට වෙන්නෙ කියල එකට ඇවිල්ලා සමහර විපක්ෂය කිව්ව දැන් මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කැඩුනොත් කඩා වැටුණොත් අපි ඉස්සෙල්ල විපක්ෂනායකතුමා අගමැතිකම දෙන්න කියන්න ඕනේ.
ඔබ තුමාගේ අදහස මොකද මං ඒකනේ සම්ප්රදාය මට එන්න මට ඕක කියන්න වැඩක් නෑ.
විපක්ෂ නායකතුමා බාර ගත්තේ නෑ.
එයාගේ යුතුකමක් තිබුණා. මේක බාරගන්න.මගේ මිත්ර අනුර හොයාගන්නත් බෑ.
මේ රටේ මේක ගෙනියන්න බෑ. අගමැති නැතුව ආණ්ඩුවක්.
ඇමැති උපදෙස් අනුව වැඩ කරන්න තියෙන්නෙ මේ ජනාධිපති.
මං ඉල්ලුවේ නෑ. මට එන්න කියනව මං එන්නම්. මටත් සහයෝග සහයෝගය දෙන්නම් කියල අපි ආණ්ඩුව කෙනෙක් එකතු වෙලා එච්චරයි.

මෙතුමායි මමයි දැන් දේශපාලන හුඟක් ඉවර කරලා තියෙන්නේ.
රටක් කරදරේ වැටුනාම.ප්රධාන පක්ෂවලට තීරණ යුතුකමක් එකට වැඩ කරන්න.
අපේ එකක් තියේ නම් අපි මෙතන ගහගෙන තියෙනවා මරාගෙන තියෙනව ඔක්කොම කරලා තියෙන බැනලා තියෙනවා.ඒ එක්දාස් නවසිය තිස් එකේ ඉඳන් ප්රජාතන්ත්රවාදයේ කඩාවැටුණ් නැතුව.

කොච්චර ගහ ගත්තත් අපි හැන්දෑවට හම්බවෙනව. මඟුල් ගෙවල් වල කතා කරන විහිළු කරනවා යනවා.
කොහොම හරි දැන් ඊට පස්සේ මොකක්ද වුණේ? අපේ ගෙවල් ගිනි තිබ්බා.
ගෝඨාභය ජනාධිපතිව පිටවෙලා ගියා. මං කොහොම හරි මේක වැඩ කරා.
ඒ උනාට පස්සේ මම බැලුවා. දැන් මොකක්ද කරන්නේ ජනාධිපතිකම හිස් වෙලා හුඟක් අය ඒක මට ඉදිරිපත් වෙන්න කියලා.

මං ගිහින් මං කැමැති වුණේ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට එවෙලේ කරදරකාරයෙක් වුණා. මන්දන්නෑ තිබුන කරදර ඔක්කොම කොහොම හරි ක්රමේ මේකයි මහින්ද ප්රශ්නෙ ඔය ගොල්ල බලලා කියන්නම් මමත් පක්ෂයෙන් අහලා කියන්නම් කිව්වා. එම පක්ෂ බහුතරයක් බැසිල් කීවේ හැටියට සහයෝගය දෙන්න පොරොන්දු වුණා.
ඉතින් ඒ සහයෝගය මම අරගත්තා.
වැරදිද? මං ඒකට ස්තුතිවන්ත වෙනවා.
හරි මං මහ පොහොට්ටුවේ සහයෝගය එපා කියලා ගියානම් අද මොකක්ද වෙන්නේ.
ඩොලරේ රුපියල් 450 වඩා පනින්න ඉඩ තිබුනා.තෙල් නෙමෙයි පොල් තෙල් වත් තියෙන්නෙ නෑ මේ රටේ.

දැන් තියෙන්නෙ තැනින් කොහොමද ඉදිරියට යන්නෙ?
අඩු ගානේ මේක එකක් සිදු වුණා. මං මේ ඇමතිවරු තේරුනේ නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලොකු අයියා තේරුවේ. මම බැලුව මොකක්ද කරන්නෙ කියල.

එකක් කියන්න ඕනේ මිනිස්සු වැඩේ බාර අරගෙන දිව්වා.මේ කැබිනට් මණ්ඩලයේ පොහොට්ටුවේ අනෙක් අයගේ සහයෝගය නැතිව මට මේක තනියම කරන්න බෑ.

මගෙන් අහනකොට ඇයි මෙතන වාඩි වෙලා ඉන්න කියල මම පොහොට්ටුවට බැඳෙන්නෙ නෑ. පොහොට්ටුව යූ එන් පී 1 එකතු වෙන්නේ නෑ මේක වෙන්නේ නෑ ඒ පක්ෂ වෙනම යන්න ඕන දැන් අලුතෙන් හැදෙන්න ඕන මේ මේ කාලෙදී 20 21 22 23 හරි අමාරු කාලයක් පක්ෂ ක්රමවේදය කැඩුණා.

ඉතින් මේ පක්ෂ ඔක්කොම දැන් අලුතෙන් හදාගෙන යන්න හදනකොට අලුතෙන් හිතලා ඕනෑ වෙලාවට එකට වැඩ කරන්න ඕනේ.
අනික් වෙලාවට වෙන් වෙන්න පුළුවන්.
ඒක නැත්නම් අපිට රට පාවල දෙමු.
ඉතින් රෝහිත මේ පක්ෂය හදාගෙන යන එකට අපි සුබ ප්රාර්ථනා කළා. මං අද උදේ යූඑන්පියට කීවේ මට අද පුළුවන් වෙලා තියෙනවා මෙතැනට යන්න.

එක්සත් ජාතික පක්ෂය රැස්වීමටත්.පොහොට්ටුවේ රැස්වීමටත්.
ඊයේ රෑ මං හිටිය සජබය කට්ටිය එක්ක මට ඕනේ රැස්වීමකට යන්න පුළුවන්.
මාව පන්නන්න කවුරුවත් නෑ.
ඉතින් අපි දැන් මේ කාලෙ එකට වැඩකරමු. මෙරට ඉදිරියට ගෙනයන විශාල අභියෝගයක් අපිට තියෙනවා.
ඒ අභියෝගය අන්තිමට ජයගන්න අපි කට්ටිය නෙමේ. මේ තරුණ අය මෙතැන ඉන්නේ ඒ ගොල්ල අනාගතයක් තිබිය යුතුයි.
ඒකට කැප වෙලා අපේ දේශපාලනය කරමු.”

Share with your friends :