27 C
Colombo
27/09/2024

මිල්කෝ ඉන්දියාවේ අමුල්ට දෙනවාට ජනතා විරෝධය

Share with your friends :

මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළ විකිණීමට එරෙහිව කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද(03) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණ.

“දේශීය කිරි කර්මාන්තය අමුල් සමාගමට බිලිදීම වහා නවත්වනු, දේශීය කිරි කර්මාන්තය ගොඩනැගීමේ වැඩපිළිවෙලක් වහා ක්‍රියාත්මක කරනු, දූෂිත රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණීමේ සැලසුම් පරදමු, අක්කර තිස්දහසක් අමූල් සමාගමට විකුණන රනිල් රාජපක්ෂ දූෂිත ආණ්ඩුවේ සැලසුම් පරදවමු” ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාකරුවන් කොළඹ ටෙක්නිකල් මංසන්ධියේ සිට පා ගමනින් කොටුව දුම්රිය ස්ථානය දක්වා පැමිණීමට සැලසුම් කර තිබුණත් අධිකරණ නියෝග මත එම පා ගමන අවලංගු කෙරිණ. විරෝධතාවය හේතුවෙන් කොළඹ කොටුව ඉදිරිපිට එක මන්තීරුවක ගමනාගමනයටද බාධා එල්ල විය. විරෝධතාවය සඳහා පොලිසිය, ජල ප්‍රහාරක රථ ආදිය කැඳවා තිබිණ.

විරෝධතාවය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද ඊට එක්වූ අතර විරෝධතාකරුවන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල විය.

ජාතික පසු සම්පත් මණ්ඩලය සුරැකීමේ සංවිධානය, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු සංවිධාන එක්ව මෙම විරෝධතාවය පවත්වනු ලැබීය.

Share with your friends :