27 C
Colombo
27/09/2024

ශ්‍රී ලංකා රේගුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Share with your friends :

හෙට (04) සහ අනිද්දා (05) දේශීය ආදායම්, සුරා බදු දෙපාර්තමේන්තුවේ සේවකයින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය තාවකාලිකව අත්හිටුවීමට වෘත්තීය සමිති නායකයෝ පියවර ගෙන ඇත.

මෙලෙස වෘත්තීය සමිති සිය ක්‍රියාමාර්ග අත්හිටුවීමට තීරණය කරනු ලැබුවේ මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය සමග අද (03) සහ ඊයේ (02) සවස පැවැති සාකච්ඡාවලින් අනතුරුව ඇතිකර ගත් එකඟතාවය මතය.

රාජ්‍ය ආදායම් එක් රැස් කරන ප්‍රධාන ආයතන තුනෙහි යම් ව්‍යුහාත්මක වෙනස්කම් සහ පරිපාලනමය කටයුතුවල කිසියම් වෙනසක් සිදු කරන්නේ නම් ඊට ප්‍රථම ඒ සම්බන්ධයෙන් අදාළ සියලුම වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණීමෙන් පසු සිදු කිරීමට මුදල් රාජ්‍ය ඇමැතිවරයා ලබා දුන් පොරොන්දුව මත මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා ඇත.

ඒ සම්බන්ධයෙන් වූ ලිඛිත එකඟතාවය මුදල් අමාත්‍යංශයේ අතිරේඛ ලේකම් පාලන හිමාලි පුල්ලේපෙරුම ගේ අත්සනින් තමන් වෙත ලැබුණු බව සුරා බදු වෘත්තීය සමිති ප්‍රධානී චින්තක උඩපමුණුව ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සුරා බදු වෘත්තීය සමිති ප්‍රධානී චින්තක උඩපමුණුව මෙසේ පැවසිය.

” මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සිය ඉල්ලීම් විසඳීම සඳහා මැදිහත් වන බවට ලබා දුන් ලිඛිත පොරොන්දුව හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවුවා. දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තිය සමිති සිය ආයතන අභ්‍යන්තර වෘත්තීය සමිති සමග ඇති කර ගත් එකඟතා අනුව මෙම පියවර ගත්තා.

දේශීය ආදායම් වෘත්තීය සමිති ප්‍රධානී ජේ.ටී.චින්තක ප්‍රධාන නියෝජිතයෝද මෙහිදී මෙම එකඟතාවයට එළඹ තිබේ.

නමුත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා නොමැති බව වාර්තා වේ.

Share with your friends :