27 C
Colombo
25/09/2024

මිහින්තලේ නාහිමිත් ජනපති ඡන්දෙට ?

Share with your friends :

ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ..

රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමා සක්විති රජකමට හෝ ජනාධිපතිකමට හෝ නොව ඕනෑම තැනකට යෑමට සූදානම් බව පැවසූ වලවාහැංගුණ වැවේ නාහිමියෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනතාවගෙන් දැනටමත් ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් ලැබී ඇතැයිද සඳහන් කළහ.

ජනාධිපති අපේක්ෂකත්වය තනිව කෙරෙන කටයුත්තක් නොවන බවත් එය ලොකු කණ්ඩායමක් එක්ව තීරණය කළ යුතු කාරණයක් බවත් උන්වහන්සේ පැවසූහ.

පරම්පරා ගාණක් මේ රට පාලනය කරන්නේ එකම කණ්ඩායමක් බව පැවසූ වලවා හැංගුන වැවේ ධම්මරතන නාහිමියෝ මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවද ප්‍රකාශ කළහ.

උන්වහන්සේ මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පෙරේදා (1) පැවැති වැඩසටහනකදීය.

Share with your friends :