27 C
Colombo
27/09/2024

බස් එකේ යන්නත් අමාරු රටක කාඩ් පත් ගේන්නේ කවුරුන් සඳහාද ?

Share with your friends :

අසාධාරණ ලෙස බස් ගාස්තුව ඉහල දමා තිබියදී ඒ සඳහා නිසි විසඳුමක් හෝ ක්‍රමවේදයක් ලබා නොදී ගස් රථ සඳහා ටිකට් කාඩ් පත් ලබා දීමට ප්‍රවාහන බලධාරීහු කටයුතු කරමින් සිටිති.
රටේ ජනතාව දැඩි ආර්ථික අසීරුතාවයෙන් පෙලෙන අතර බොහෝ ගම්බද ප්‍රදේශවල අසීරුවෙන් මුදල් එකතුකර ගෙන ජනතාව තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගනිති.
මේ කාඩ් පත් ක්‍රමවේදය පසුපස මහා පරිමාන කොමිස් ජාවාරමක් ක්‍රියාත්මක වන බව පැවසෙන අතර වසර ගනනාවක් තිස්සේ ක්‍රියාත්මක කරන්නට උත්සහ කලද ජනතා විරෝධය මත නවතා දමන ලදී. ඒ සඳහා ප්‍රධාන ජංගම දුරකථන සමාගමක් හා බස් සංගම් නායකයෙක් මීට පෙර මුල්වී තිබිණි. බස් කාඩ් ක්‍රියාත්මක වුවහොත් ජනතාවට ඒ සඳහා කලින් මුදල් ගෙවා කාඩ්පත් ගන්නට සිදුවේ. මැතිවරණ අභියස සිටින රටක කඩිමුඩියේ මෙවැනි නව ක්‍රමවේද හඳුන්වා දෙන්නට යාම බොහෝ සැකයට හේතුවී තිබේ.
ලොව දියුණු රටවල පවා කාඩ්පත් ක්‍රියාත්මක වුවද මුදල් ගෙවා බස්රථ වල ගමන් කල හැක.

Share with your friends :