27 C
Colombo
27/09/2024

කොළඹ 7 ජාත්‍යන්තර පාසල් සිසු යුවළ Altair 67 මහළෙන් පැන මරුට

Share with your friends :

කොළඹ කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක කොම්පඤ්ඤවීදිය Altair මහල් නිවාස සංකීර්ණයේ 67 මහලින් වැටී ජීවිතය අහිමිකරගෙන ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්ත සහ කැලණිය පදිංචි සිසුවකු සහ සිසුවියක බව පොලිසිය කියයි.

මියගිය සිසුවිය සහ සිසුවා ජාත්‍යන්තර පාසලේ එකම පංතියක ඉගෙනුම ලබන අතර පාසල නිමවීමෙන් අනතුරුව ත්‍රීරෝද රථයක නැග එම ගොඩනැගිල්ලේ පැවති සාදයකට පැමිණ ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.මෙම සාදයට සිසුන් 100ක් පමණ පැමිණ සිටි අතර ඔවුන් අතර සිටි මෙම දෙදෙනා කවර හේතුවක් මත උඩු මහලේ සිට බිමට පැන්නේද නැතිනම් වැටුනේද යන්න අනාවරණය නොවේ.සාදයේදී මත් ද්‍රව්‍ය ලබාගත්තේද යන්න විමර්ශනය කරමින් පවතී.

එම සුඛෝභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලේ සිට ඔවුන් දෙදෙනා එහි 3 වන මහලට වැටී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ අතර පරීක්ෂණ පවත්වන පොලිසියට දෙන්නාගේ පාවහන් 67 වන මහලේ තිබී හමුව ඇත.

කොම්පඤ්ඤ වීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජයමාන්න මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

Share with your friends :