27 C
Colombo
28/09/2024

ඉන්ධන අඩුවුණාට ත්‍රීවීල් ගාස්තු අඩු කරන්නෙම නැහැලු

Share with your friends :

ඉන්ධන මිල අඩු වුවද ත්‍රීවීල් ගාස්තු අඩු කිරීම ත්‍රි රෝද සංගම් ප්‍රතික්ෂේප කර තිබේ. ගාස්තු වැඩිවීම නිසා මේ වන විට සමස්ත ත්‍රිරෝද කර්මාන්තයම විනාශ වෙමින් පවතින අතර ප්‍රවාහන බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු දැක්මක් ඇති බවක් නොපෙනේ.
ත්‍රීවීල් රථයකට කිලෝමීටරයක් සඳහා වැය වන මුදල රුපියල් 20 කටත් වඩා අඩු අතර ඔවුන් විශාල මුදලක් ජනතාවගෙන් අය කිරීම නතර කරන්නටනම් ඒ සඳහා දැඩි නියාමනයක් අත්‍යවශ්‍යවේ.

පෙට්‍රල් මිල අඩු කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බවත් මාසකට වරක් ඉන්දන මිල සංශෝධනය කරද්දී ගාස්තු අඩු කළ නොහැකි බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය.

ජනතාව ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථ ලක්‍ෂ දෙකක්වත් තවමත් ගාස්තු මීටර සවිකර නොමැති බව කී ඒ මහතා රුපියලක් දෙකක් කිරීමෙන් ජනතාවට සහනයක් නොලැබෙන බවත් කීය.

ආණ්ඩුව ඉන්ධන මිල අඩු කළාට එහි වාසිය ත්‍රීරෝද රථ පාවිච්චි කරන ජනතාවට ලැබෙන ක්‍රමවේදයක් සකස්කර නැතැයි ධර්මසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Share with your friends :