27 C
Colombo
29/09/2024

ඉන්දියාවේ අදානිලා අපේ වරාය වලට දෙන උපදෙස් මෙන්න-නෝර්වේ BLACK LIST කරලා

Share with your friends :

අදානි ෂිපින් මෙරට ව්‍යාපාර සඳහා අවතීරණය වී සිටී. අදානි ෂිපින් වරාය ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ 1998 වසරේදීය. ශ්‍රීලංකා වරාය අධිකාරිය ආරම්භ කලේ 1979 දීය.
ඉන්දියාවේ අදානි සමූහයේ වරාය සංවර්ධන කටයුතූ අංශයට ලෝකයේ ප්‍රමුඛතම නාවික කටයුතු සහ ඒ හා සමග ඉදිකිරීම් කටයුතු පිළිබඳ හසල අත්දැකීමක් ඇති බවත් එලෙසම එම මොඩලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ඇති බවත් ඉන්දියාවේ අදානි වරාය සංවර්ධන අංශයේ කපිතාන් සචින් පවසා තිබේ.

ඒ අනුව ඉන්දියාවේ අදානි සමාගම සහ ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් සමූහය සමග එක්ව ක්‍රියාත්මක කරන කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉහළම ඵලදායීතාවය සහ කාර්යක්ෂම භාවය ඇති කිරීම සඳහා ජෝන් කීල්ස් සමාගම සමග එක්ව කටයතු කරන බව පැවසේ.

එමෙන්ම ඉන්දියාවේ අදානි සමූහයේ වරාය සංවර්ධන අංශය ඉන්දියාව තුල වරාය 14ක සංවර්ධනය කිරීමේ කටයුතු සිදු කර ඇති අතර ඒවා ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ සංවර්ධනයට යෝග්‍ය පරිදි සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පැවසේ.

ශ්‍රීලංකා වරාය අධිකාරියේ හතලිස් පස් වසරක අත්දැකීම් සමග ලොව ප්‍රධානතම නැව් මාර්ගයක පිහිටි ශ්‍රීලංකාවට උපදෙස් දෙන්නට එන්නේ මෑතකදී එම ක්ෂේත්‍රයට පැමිණි සමාගමකි.
නොර්වේ පසුගිය මාසයේ අදානි ෂිපින් සමාගම BLACK LIST එනම් අසාදු ලේඛනගත කරන ලද්දේ චෝදනා කීපයක් මුල් කරගනිමිනි.

Share with your friends :