එළඹෙන ජනපතිවරණය සඳහා පොදු ජන පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයා එළඹෙන ජූලි මස දෙවැනි සතිය වන විට එහි නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
ඒ අපේක්ෂකයා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නොවන බවයි ප්‍රකාශ වන්නේ.
මෙම කරුණු හෙළිදරව් කරන්නේ හිටපු ජනපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති පුත්‍රයකු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වූ උදයංග වීරතුංග මහතා විසින්.
මතභේදාත්මක චරිතයක් වන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එළඹෙන ජනපතිවරණයට වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තරග නොකරන බවට තමන් දරන මතය තවමත් වලංගු බවයි.
එළඹෙන ජනපතිවරණයට එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් එය හොඳ බව පෙන්වා දෙන වීරතුංග මහතා එම අපේක්ෂකයාට පොදු ජන පෙරමුණේ සහයක් නොමැතිව ඡන්ද ලක්ෂ පහකට වඩා ගත නොහැකි බවට අනාවැකියක්ද පළ කරනවා.
වීරතුංග මහතා මෙම කරුණු හෙළිදරව් කළේ මාධ්‍ය හමුවක් පවත්වමින්