27 C
Colombo
15/11/2024

පොහොට්ටු සහය මහින්ද චින්තන ප්‍රතිපත්තිවලට එකඟ අයකුට

Share with your friends :

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් (පොහොට්ටුව) පත්කෙරෙන හෝ එම පෙරමුණ සහය දෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම මහින්ද චින්තනය සමඟ
එකඟ වී ඒ ප්‍රතිපත්ති උඩ ගමන් කරන අයකු විය යුතු බවට එම පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවේදී තීරණය කර ඇත.

එසේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා රට බෙදන චින්තනයේ සිටින අපේක්ෂකයකු නොවිය යුතු බවටද රැස්වූ සියල්ලෝ ඒකමතික තීරණයකට පැමිණියහ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මහින්ද චින්තනය සමඟ එකට ගමන් කිරීමට එකඟ වන පුද්ගලයකු විය යුතු බවට රැස්වූ බොහෝ දෙනාගේ අදහසවූ බවයි.

එසේම විධායක රැස්වීමේදී ගත් තීරණ අනුමත කිරීමද මෙහිදී සිදුවූ බව සඳහන් කළ කාරියවසම් මන්ත්‍රීවරයා, අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් නොගැනුණු බවද සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණේ කොළඹ විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේදීය.

පක්ෂයේ ජේෂ්ඨයෝ සහ මැති ඇමතිවරු රැසක් මෙම රැස්වීමට සහභාගි වූහ.

මේ අතර නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කාර්යාලය පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්න වලට පිළිතුරු පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුයේ, ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ සමග එක් විය යුතුද යන්න පසුවට තීරණය කරන බව කියා සිටියේය.

තම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම සඳහා ඕනෑවටත් වඩා වැඩියෙන් අපේක්ෂකයින්සිටින බවද හෙතෙම කීය.

Share with your friends :