මෙවර ජනාධිපතිවරණය ජයගෙන තමන් බලයට පත්වීමෙන් පසුව අමෙරිකානු විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබූ විදෙස් සිසුන්ට “ග්‍රීන් කාඩ්” එනම් අමෙරිකානු ස්ථිර පදිංචිය ලබාදෙන බව පවසා ඇත.
එසේම සංක්‍රමණික ප්‍රතිපත්ති ලිහිල් කරන බව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
සංක්‍රමණිකයින් සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම විශේෂත්වයකි.
එමගින් අමෙරිකාවේ අධ්‍යාපනය ලැබූ පිරිස් සිය මව් රටවලට යෑම පාලනය කිරීමට ඔහු බලාපොරොත්තු වන බව සඳහන් ය.