පක්ෂවල තීරණයට පිටින් විමධ්‍යගත අරමුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන
පක්ෂ නායකයන් තීරණය කර ඇත.
බොහෝ මන්ත්‍රීවරුන් විමධ්‍යගත මුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇතැයි පැවසෙන්නේ ඔවුන් අයත් දේශපාලන පක්ෂවල නායකයන් දැනුවත්ව නොවන බව පැවසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුම් හකීම් පැවසුවේ, එසේ විමධ්‍යගත මුදල් ලබාගත් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම්ද සඳහන් වූ බවයි.
පක්ෂ නායකත්වය නොදැනුවත්ව මෙවැනි දේවල් සිදු වී ඇති බවත් මේ තත්ත්වය යටතේ ඒ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ වලට ඉදිරියේදී මුහුණ දීමට සිදුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ, විමධ්‍යගත මුදල් හෝ මත්පැන් බලපත්‍ර හෝ තීරු බදු රහිත වාහන බලපත්‍ර හෝ ලබා ගැනීමට සමගි ජන බලවේගය පක්ෂය පක්ෂයක් හැටියට කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නැති බවයි.
පක්ෂයේ තීරණයට පිටින් ආණ්ඩුවෙන් එවැනි වරප්‍රසාද ලබා ගත් මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය පියවර ගතයුතු බවද ඔහු සඳහන් කළේය.
2024 විමධ්‍යගත අය වැයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන්කළ මුදලෙන් වැඩිම මුදල් ප්‍රමාණය වන රුපියල් මිලියන 100 බැගින් ෆයිසාල් කාසිම්, ඉෂාක් රහුමාන් සහ සෙයිඩ් අලි සහීර් මවුලානා වෙත නිදහස් කර තිබේ.
රිෂාඩ් බදුයුදීන්ට රුපියල් මිලියන අසූ පහක්, වෛද්‍ය කවින්ද ජයවර්ධනට රුපියල් මිලියන හැට නවයක්, රෝහිණි කවිරත්නට රුපියල් මිලියන හැට දෙකක්, ජේ.සී. අලවතුවලට රුපියල් මිලියන හැට එකක්, වේලු කුමාර්ට රුපියල් මිලියන හැටක්, ගයන්ත කරුණාතිලකට රුපියල් මිලියන පනස් එකක්, හර්ෂ ද සිල්වා, සුජිත් සංජය පෙරේරා, කිංස් නෙල්සන්, සහ ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන පනහ බැගින්ද, අජිත් මාන්නප්පෙරුම සහ පාඨලී චම්පික මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන හතළිස් නවයක්, දිලිප් වෙදආරච්චිට රුපියල් මිලියන හතළිස් අටක් සහ හෙක්ටර් අප්පුහාමිට රුපියල් මිලියන දහ අටක මුදලක් නිදහස් කර තිබේ.