27 C
Colombo
16/11/2024

බඩු මිල වැඩිවීමට ප්‍රධාන හේතුව වෙළඳ අමාත්‍යංශයේ දුෂණ – බිත්තරයක වියදම 15 යි

Share with your friends :

මෙරට බඩු මිල වැඩිවීමට ප්‍රධානතම හේතුව වෙළඳ අමාත්‍යංශයේ දුෂණ බව රජයේ ප්‍රධානීන් අතර හා ව්‍යාපාරික අංශ අතර දැඩි කතාබහට ලක්ව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙල අනුව ඩොලරය අඩු වුවද බඩු මිල අඩු නොවෙන්නේ එම නිසා බව රජයේ ප්‍රබලයන් අතර සාකච්ඡා වී ඇත.
ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ජනප්‍රසාදයට ලක් නොවීමට ප්‍රධාන හේතුව බඩු මිල හා ජීවන වියදම බව ජනමත සමීක්ෂණ වලදී පෙනී ගොස් තිබේ.
ඉන්දියාවේ ඉන්දීය රුපියල් හතරක් වන බිත්තරයක් සියලු වියදම් සහිතව ශ්‍රීලංකාවේ රුපියල් 15 කට විකිණිය හැකි වුවත් එය අලෙවි කරන්නේ රුපියල් 42 ක මුදලකටය. මෙය රුපියල් හැටකට වඩා වැඩි මිලකට ඇතැම් අවස්ථාවල විකුණා තිබේ. මෙය පසුපස මහා පරිමාන දුෂණ ක්‍රියාත්මක වන බවත් අවසානයේ මේ සියල්ල රජයට බරපතල අපහසුතාවට පත් කෙරෙන බවත් රජයේ ප්‍රධානීන්ගේ අවධානයට ලක්ව තිබේ. බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල සම්බන්ධයෙන් පවතින්නේ මෙවැනිම අකාරයේ මාෆියාවන් බව ජනතාව චෝදනා කරති.

Share with your friends :