27 C
Colombo
16/11/2024

ව්‍යාපාරික – දේශපාලන මාෆියාව එක්ව පොල්තෙල් මිල ඉහල දමලා

Share with your friends :

හදිසියේම විශාල ලෙස පොල් තෙල් මිල වැඩිවීම නිසා ජනතාව දැඩි අසීරුවට පත්ව සිටිති.

ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් කර නොමැති නිසා වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක් යැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

මේ වනවිට වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසිසේත්ම සාධාරණීකරණය කළ හැක්කක් නොවේයැයි ද අධිකාරිය කියයි.

මක්නිසාද යත් දේශීය පොල්තෙල්වලට හා ආනයනික පොල්තෙල් සඳහා කිසිදු අමතර බදු අයකිරීමක් රජය විසින් සිදු කර නැතැයි ද ආනයනික පොල්තෙල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා කළින් අය කරන ලද රුපියල් 150ක බදු මුදල මෙතෙක් වෙනස් කර නොමැති බවද එම අධිකාරිය පවසයි.

එමෙන්ම නැව් ගාස්තු ඉහළ යාම ද කිසිසේත්ම පොල්තෙල් ආනයනයට බලපාන්නේ නැති අතර පොල්තෙල් ආනයනය කරනු ලබන්නේ ඉන්දුනිසියාවේ සිට විශාල ප්‍රමාණයේ බාජ්වලින් බවත් ඒවා අනෙකුත් භාණ්ඩ සමග ප්‍රවාහණය කරන නෞකා නොවන නිසා නැව් ගාස්තු ඉහළයාම කිසිසේත්ම පොල්තෙල් මිල ඉහළයාමට බලපෑමක් එල්ල කරන්නේ නැතැයි පොල් සංවර්ධන අධිකාරිය කියයි.

Share with your friends :