ශ්‍රීලංකා රේගුව භාරයේ ඇති මුදවා නොගත් හා ව්‍යාජ ලේඛන මත ගෙන්වූ වාහන 49 ක් වෙන්දේසි කර විකුණා දැමීමට රේගු දෙපාර්තමේන්තුව කටයුතු කර ගෙන යයි.
වාහන ආනයනය තහනම් කිරීමට පෙර හා තහනම පැනවීමෙන් පසු මෙරටට ගෙනා වාහන මෙසේ වෙන්දේසි කෙරේ. මේ වන විට එවැනි සුඛෝපභෝගී වාහන 300 ක් පමණ ශ්‍රීලංකා රේගුවේ රඳවා ගෙන තිබේ. ඒ අතරින් ව්‍යාජ ලේඛන සකස් කර ගෙන්වූ සහ නිසි අවසරපත්‍ර සහ ලේඛන නොමැතිව ගෙන්වූ වාහන 49 ක් මෙසේ වෙන්දේසි කෙරේ.
ඉතිරි වාහන ඒවා ආනයනය කල පිරිස් වලට කිසියම් දඩ හා ගාස්තු නියම කිරීමෙන් පසුව මුදාහැරීම කෙරෙහි අවධානය යොමුව තිබේ. මේ වාහන අතර මිල අධික බෙන්ස් හා BMW රථ ද වෙයි.