ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට දුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ගැනීමට කිසිසේත්ම සහාය ලබා නොදීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.
එවන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආවහොත් ඊට සහය නොදෙන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
ප්රතිපත්තියක් ලෙස මැතිවරණ කල් දැමීමට පොදු ජන පෙරමුණ විරුද්ධ නිසා එම ක්රියාමාර්ගය ගන්නා බවත් මහලේකම්වරයා පැවසුවේය.
ඔහු මෙසේ කියා සිටියේ ජනාධිපතිවරයා තවත් වසරකින් ධුර කාලයේ දීර්ඝ කර ගැනීමට සූදානම් වන බවට පළවන වාර්තා පිළිබඳව කළ විමසීමකට ප්රතිචාර දක්වමිනි.