27 C
Colombo
24/11/2024

අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම තවදුරටත්

Share with your friends :

අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම තවදුරටත් පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පුළුල් කිරීමේ කටයුතු සඳහා වෙනත් විකල්ප සුදුසු ස්ථානයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය පෙන්වාදෙයි.
රජය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබියදී අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලෙන් ඉවත්කර වසර දෙකක කාලයක් සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමට මීට පෙර යෝජනාවී තිබිණි.
ඒ අනුව ලක්‍ෂ 169ක් මාසික කුලියකට අධිකරණ අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කොටසක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබිණි.ඒ සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානය නැගෙනහිර කුළුණේ 20 21 22 සහ බටහිර කුළුණේ 22වන මහලේ වර්ග අඩි 35000 මෙසේ කුලියට ගැනීමට නියමිත වූ අතර 2021 ජනවාරි මාසයේ සිට 2022 දෙසැම්බර් මාසය දක්වා මෙම කාලයට අදාළ ඉඩ ප්‍රමාණයක් ලබා ගැනීමට රුපියල් කෝටි 41ක මුදලක් වැය කිරීමට නියමිත වූ අතර ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට අධිකරණ අමාත්‍යාංශය එම ස්ථානය පිහිටුවීමට නියමිත විය. පසුව මාධ්‍ය මගින් එල්ලවූ විරෝධය හමුවේ එම යෝජනාව අත්හැර දමා තිබේ.

සබැඳි පුවත්
ලක්ෂ 169 ක මාසික කුලියකට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට

Share with your friends :