27 C
Colombo
16/11/2024

මන්ත්‍රී වාහන ලබා දීමේ යෝජනාවට දැඩි විරෝධයක් – ජනපතිගෙන් ප්‍රතිචාර නැහැ

Share with your friends :

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය සතියේදී බාරදී ඇත.

නමුත් කතානායකවරයා පවසන්නේ, ඒ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි. තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා මෙම ලියවිල්ල අත්සන් කළ පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 ක් ඇතුළත් වූ බව සඳහන් වේ.

මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත බලපත්‍රයක් ලබාදීමේ ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේද අනුමැතිය හිමිව ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ලබාදීමේ යෝජනාව සම්බන්ධයෙන් දැඩි ජනතා විරෝධයක් මේ වන විට ඇතිවී තිබේ.
මේ අතර රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේදී මන්ත්‍රීවරුන් වාහන බලපත්‍රය ලබාගැනීමට සමගි ජන බලවේගය පක්ෂය ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මෙම වාහන බලපත්‍රය පිළිබඳ කාරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී ඒ පිළිබඳ විරෝධය පළ කළ බවද ඔහු සඳහන් කළේය.

Share with your friends :