27 C
Colombo
17/11/2024

මාතලේ වමේ ඡන්ද පොහොට්ටුවටද – තෙන්නකොන්ලාටද

Share with your friends :

පොහොට්ටුවේ දේශපාලනය නොකරන හෝ එසේත් නැතිනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග පමණක් සමීපව කටයුතු කරන දේශපාලනඥයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීම ශ්‍රීලංකා පොදුජන පෙරමුණ දැනටමත් නිල නොවන මට්ටමින් ආරම්භ කර තිබේ. මේ බොහෝ දෙනෙකුට ඉදිරි මහා මැතිවරණයකදී පොහොට්ටුවේ නාම යෝජනා ලබා නොදෙන බවද සඳහන්ය.

රත්තොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සමුළුවට හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ඔහුගේ පුත් ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට ආරාධනා කර නොතිබීම පසුගියදා දක්නට ලැබිණි.

පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ට හා ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ට ආරාධනාවක් නොලැබුණු අතර එම නිසා ඔවුන් දෙදෙනාම එම සමුළුවට සහභාගි නොවූහ.
මෙම ආසන සමුළුව රත්තොට බස් නැවතුම් පෙළේදී පසුගිය අටවෙනිදා පැවැත්වුනේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙනි.
ජනක බණ්ඩාර තෙන්නකෝන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර කලින් කල යම් යම් මතබේද පැවතියද ඒවා නිරාකරණය කර ගෙන තිබුනේ ඒ දෙදෙනාමය. පසුව මෛත්‍රීපාල සිරිසේන රජයේද ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමති ධුර දැරීය.ප්‍රමිත තෙන්නකෝන් වර්තමානයේ ජනාධිපතිවරයාට සමීප චරිතයකි.
රත්තොට සමුළුව සංවිධානය කර තිබුණේ ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක විසිනි.
තෙන්නකෝන්ලා ද පොහොට්ටුවද යන්න ඉදිරියේදී තීරනය කරනු ඇත්තේ මාතලේ ජනතාවය. විශේෂයෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂය කැබලි වලට කැඩී ඇති මේ මොහොතේ මාතලේ වමේ ජනතාව ගන්නා තීරණය අතිශය තීරණාත්මක වනු ඇත.

Share with your friends :