27 C
Colombo
17/11/2024

Starlink ශ්‍රීලංකාවට පැමිණීමට එරෙහිව මෙරට දුරකථන සමාගම් සටනට

Share with your friends :

Starlink ශ්‍රීලංකාවට පැමිණීමට එරෙහිව මෙරට දුරකථන සමාගම් දැඩි ලෙස බියට පත්ව සිටින බව පැවසේ.මේ වන විට ඔවුන් ඊට එරෙහිව මෙහෙයුම් රැසක් ආරම්භ කර ඇත්තේ ඒ හරහා ඔවුන්ගේ ව්‍යාපාර සියල්ල අහිමිවී යාමේ අවදානම නිසාය.

Starlink අන්තර්ජාල හා දුරකථන සේවා සේවය මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන බලපත්‍රය පිළිබඳව අවසන් තීන්දුව ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කරයි.
චන්ද්‍රිකා තාක්ෂණය හරහා අන්තර්ජාල පහසුකම් සැපයීමේ සේවාවන් සඳහා පළමුවරට මෙවැනි ඉල්ලීමක් සිදුකර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සැකසීම සිදුකරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ලොව ධනවත්ම මෙන්ම ප්‍රකට තාක්ෂණ ව්‍යවසායකයෙකු වන ඊලොන් මස්ක් හිමිකාරිත්වය දරන space x ව්‍යාපෘතිය හරහා Starlink අන්තර්ජාල සේවාව ආරම්භ කරනු ලැබීය.
Starlink ව්‍යාපෘතිය හරහා ෆයිබර් ඔප්ටික් කේබල් භාවිතා කිරීම වෙනුවට පැයට කිලෝමීටර් 27,000ක ආසන්න වේගයකින් ගමන් ගන්නා චන්ද්‍රිකාවක් හරහා අධික වේගයෙන් දත්ත හුවමාරු කිරීම සිදුකරනු ලබයි.
Starlink හරහා දුෂ්කර ප්‍රදේශවල වාසය කරනු ලබන අන්තර්ජාල පරිශීලකයින් වෙත අන්තර්ජාලට පිවිසිමට අවස්ථාව උදාවේ.2024 වන විට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 5,874ක් කක්ෂ ගත කර ඇති අතර ඉන් චන්ද්‍රිකා 5,800ක ප්‍රමාණයක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බව වාර්තා වේ.
මෙවන් පසුබිමක් තුළ Starlink අන්තර්ජාල සේවා පහසුකම මෙරටට ලබාගැනීම සම්බන්ධයෙන් පුළුල් කතාබහක් ඇතිවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊලොන් මස්ක් අතර හමුවක් පසුගියදා ඉන්දුනිසියාවේ බාලිහී සිදුවීමත් සමගය.
එම හමුවේදී ශ්‍රී ලංකාව තුළ Starlink සේවා සැපයීම ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබුණි.

Share with your friends :