ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබේ.
ඒ 1892 වර්ෂයේදී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ කන්‍යකුමාරිහි විවේකානන්ද ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීය.
අගමැතිවරයාගේ ආරක්ෂාවට 2000 ක ආරක්ෂක භට පිරිසක් යොදවා තිබේ.
අගමැති මෝදී හෙට සවස් කාලය තෙක් මෙලෙස භවනානුයෝගීව සිටීමට නියමිත අතර ඉන්දීය මහ මැතිවරණය අවසන් වීමට නියමිතව ඇත්තේ ද හෙට (01) දිනයේදී වීම විශේෂත්වයකි.