ඇමරිකානු අවි ආයුධ යොදාගෙන රුසියානු ඉලක්ක වලට පහරදීම සඳහා යුක්රේනයට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ අවසරය ලබා දී තිබේ.
අදාළ ප්රහාර එල්ල කිරීමට අවසර ලබා දී ඇත්තේ යුක්රේන හා රුසියානු දේශසීමා අසන්න ප්රදේශ වලටය. මෙතෙක් ඇමරිකාව ඒ සඳහා අවසර ලබාදී තිබුනේ නැත. කෙසේ වෙතත් මේ සමග ඇමරිකාව හා රුසියාව අතර බරපතල ගැටුමකට මග පෑදී තිබේ.