ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම ප්‍රදේශ හරහා හමා ගිය ටොනේඩෝ සහ කුණාටු හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති අතර, නිවාස දහස් ගනනකට අලාභ හානි සිදුවී තවත් සිය දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇත.
උතුරු ටෙක්සාස් ප්‍රදේශයේ පුද්ගලයන් හත් දෙනෙකු ද, ආර්කන්සාස් ප්‍රාන්තයේ පස් දෙනෙකු ද, ඔක්ලහෝමා ප්‍රාන්තයේ දෙදෙනෙකු ද, කෙන්ටකි ප්‍රදේශයේ එක් අයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත. තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබූ අතර ඉරිදා ප්‍රාන්ත කිහිපයක් පුරා 500,000 කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇත.
ටෙක්සාස් හි කුක් ප්‍රාන්තයේ ෂෙරිෆ් රේ සැපින්ටන් පැවසුවේ එහි මියගිය සංඛ්‍යාවට වයස අවුරුදු 2 සහ 5 වයස්වල ළමුන් දෙදෙනෙකු සහ එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු සිටින බවයි.