27 C
Colombo
18/11/2024

විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

Share with your friends :

ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකාවේ විද්‍යුත් විකාශන ආයතනවල කටයුතු කෙරෙහි එකී පනත් කෙටුම්පතේ යෝජිත ඇතැම් සංශෝධනයන් මගින් සිදුවන අගතිදායක බලපෑම සහ එමඟින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ඔවුන් තම පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබේ.

Share with your friends :