27 C
Colombo
18/11/2024

රේගු නිලධාරීන්ට රාජකාරියට අමතර ප්‍රතිලාභ-අනුමැතියකින් තොරව කෝටි 2422 ගෙවලා

Share with your friends :

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක් 2012 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදී ත්‍යාග මුදල් වශයෙන් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මේ අතර නිලධාරීන්ට අතිකාල අරමුදලින් කෝටි දෙසීයකට ආසන්න මුදලක් 2021 සහ 2023 වර්ෂවලදී ගෙවා ඇතැයිද එම වාර්තාව සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම අරමුදලින් රජයට බැර කර ඇති ආදායම කෝටි විස්සක් පමණකැයි පැවසේ.

විමර්ශන සඳහා දායකත්වයක් නොදක්වන නිලධාරීන් සඳහාද ත්‍යාග ලැබෙන ආකාරයෙන් අභ්‍යන්තර නියෝග සකස් කර ත්‍යාග ලබාදී තිබූ බවද එම විගණන වාර්තාවේ සඳහන්වේ.

සාමාන්‍ය රාජකාරීමය අනාවරණය කර ගැනීම්ද රේගු වැරදි අනාවරණය කර ගැනීම් ලෙස සලකා කාර්යමණ්ඩලයට ත්‍යාග හිමිකම් ලබාදී තිබූ බව පවසන විගණන වාර්තාව නිලධාරීන් රාජකාරියට වාර්තා කිරීම පමණක් කළද ඔවුනට වැටුප් දිරි දීමනා සහ අතිකාල ලැබෙන බව සඳහන් කරයි.

රේගු නිලධාරීන්ගේ සාමාන්‍ය රාජකාරියේ කාර්යයන් සහ වගකීම ඉටු කිරීම වෙනුවෙන්ද අමතර ප්‍රතිලාභ ලැබෙන බව වාර්තාවේ දැක්වේ.

Share with your friends :