27 C
Colombo
18/11/2024

හිටපු රාජ්‍ය ඇමතිවරිය පොහොට්ටුවට සමු දෙයි

Share with your friends :

පොදු ජන පෙරමුණ සමග තමන්ගේ දේශපාලන ගනුදෙනු අවසන් බව හිටපු රාජ්‍ය ඇමතිවරියක වන සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පෙන්වා දෙනවා.

2020 අගෝස්තු මහා මැතිවරණයේ දී පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරන්නේ තමන් මින් ඉදිරියට පොදුජන පෙරමුණ සමග දේශපාලනය නොකරන බවයි.

මේ වන විට තමන් ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන බව පෙන්වා දෙන ඇය තමන් වත්මන් දේශපාලනය පිළිබඳව කලකිරීමකින් සිටින බවද පෙන්වා දෙනවා.

ඉදිරියේ දී පොදු ජන පෙරමුණ නොවන අන් දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන වැඩ පිළිවෙළවල් පිළිබඳව අවධානයෙන් සිටින බවයි ඇය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මෙම අදහස් පළ කර තිබුණේ පුද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්

Share with your friends :