එළඹෙන ජුනි මස 14 හෝ 15 මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින බව මතභේදාත්මක චරිතයක් වන උදයංග වීරතුංග මහතා හෙළිදරව් කරනවා.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති සොහොයුරකුද වන වීරතුංග මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් මේ වන විටත් එකඟතාවයකට පැමිණ තිබෙන බවයි.
ඒ අනුව ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් ස්ථීර ලෙසම පැවැත්වෙන බවට වීරතුංග මහතා තහවුරු කරනවා.
පාර්ලිමේන්තුව ජනාධිපතිවරණයට පෙර විසුරුවන්නේ නැති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් කුමන සහතිකයන් දුන්නද යථාර්ථය එය නොවන බවයි වීරතුංග මහතාගේ මතය වන්නේ.
උදයංග වීරතුංග මහතා මේ මතභේදාත්මක අදහස් පළ කළේ පුද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස පොදු ජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා.
ජනාධිපතිවරණයද එළඹෙන ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා