රෆා නගරයට පහරදීම නවත්වන ලෙසටත් ගාසා තීරයේ සිදුකරන හමුදා මෙහෙයුම අත් හිටුවන ලෙසටත් ජාත්‍යන්තර විමර්ශකයින්ට සහ මාධ්‍යවේදීන්ට ගාසා තීරයට ප්‍රවිෂ්ඨ වීමට ඉඩ ලබා දෙන ලෙසටත් බල කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි දකුණු අප්‍රිකානු නීතිඥයන් පිරිසක් ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඊශ්‍රායල හමුදා රෆා නගරයට පහර දීම වහාම නවත්වන ලෙස නියෝග කරමින් හදිසි නියෝගයක් නිකුත් කරන්නැයි ජාත්‍යන්තර අධිකරණයේ ඒ පිළිබඳ පැවැති නඩු විභාගයකදී දකුණු අප්‍රිකානු නීතිඥයන් පිරිස ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
පලස්තීනුවන් 35000 කට මරු කැඳවමින් සහ ගාසා තිරයේ වැඩි ප්‍රමාණය සුන්බුන් බවට පත් කරමින් මාස 7 ක් තිස්සේ සිදු කෙරෙන හමුදා මෙහෙයුමෙන් පීඩා විඳි පලස්තීන ජනතාවට ආහාර ,ඖෂධ සහ අනෙකුත් ආධාර සැපයීමට සටන් විරාමයක් වහාම අවශ්‍ය බවත් දකුණු අප්‍රිකානු නීතිඥයන් පිරිස ජාත්‍යන්තර අධිකරණයේදී ප්‍රකාශ කළේය.